|
|
“Toen mijn geconcentreerde geest aldus was gezuiverd, helder, onbezoedeld, vrij van onvolkomenheden, gedwee, hanteerbaar, evenwichtig, en het onverstoorbare had bereikt, richtte ik hem naar de kennis van het herinneren van vorige levens. Ik herinnerde vele van mijn levens uit het verleden, dat is één geboorte, twee geboorten, drie geboorten, vier geboorten, vijf geboorten, tien geboorten, twintig geboorten, dertig geboorten, veertig geboorten, vijftig geboorten, honderd geboorten, duizend geboorten, honderdduizend geboorten, vele tijdperken van wereld-samentrekking, vele tijdperken van wereld-expansie, vele tijdperken van wereld-samentrekking en wereld-expansie: ‘Daar leefde ik onder die naam, van zulk een geslacht, met zulk een verschijning, zo was mijn voedsel, zo mijn ervaringen van geluk en pijn, zo was mijn levensperiode; en vertrekkende van daar, werd ik ergens anders wedergeboren; en ook daar leefde ik onder die naam, van zulk een geslacht, met zulk een verschijning, zo was mijn voedsel, zo mijn ervaringen van geluk en pijn, zo was mijn levensperiode; en vertrekkende van daar, werd ik hier wedergeboren.’ Zo herinnerde ik, met hun aspecten en wederwaardigheden, veel van mijn vorige levens.”
|
|
|
“මහණෙනි, ඒ මම කාමයෙන් වෙන්වම සියලු අකුශලයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. විතර්ක විචාර දෙදෙනාගේ සන්සිඳීමෙන් හිතේ පැහැදීම ඇත්තාවූ, හිතේ එකඟකම ඇත්තාවූ විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනිවූ ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපේක්ෂා ඇත්තේ සිහි නුවණින් යුක්තවූයේ කයින් සැපය වින්දෙමි. යම් ධ්‍යානයක් උපේක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ සැප විහරණ ඇත්තේයයි ආර්යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. සැපද නැති කිරීමෙන් දුක්ද නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවූ සැප නැත්තාවූ උපේක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවැනි ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි.
|