|
|
“මහණෙනි, ඉක්බිති ඒ පුරුෂයාට මෙබඳු සිතක් වන්නේය. මම වනාහි මේ ස්ත්‍රිය කෙරෙහි ඇළුම් සහිත වූයේ, පිළිබඳ සිත් ඇත්තේ, දැඩි ආලය ඇත්තේ, දැඩි වූ බලාපොරොත්තු ඇත්තේ වෙමි. ඒ මට අන් පුරුෂයෙකු සමග සිටින්නාවූ කථාකරන්නාවූ මහත්සේ සිනාසෙන්නාවූ, සිනාසෙන්නාවූ මේ ස්ත්‍රිය දැක ශොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොහු උපදිත්. ‘මම මේ ස්ත්‍රිය කෙරෙහි මගේ යම් ඡන්ද රාගයක් (ඇල්මක්) වේද, එය දුරු කරන්නෙම් නම්, ඉතා යෙහෙකැයි’ කියා යි. හෙතෙම මේ ස්ත්‍රිය කෙරෙහි යම් තද ඇල්මක් වේද, එය දුරු කරන්නේය. හෙතෙම පසු කලෙක අන් පුරුෂයෙකු සමග සිටින්නාවූ, කථා කරන්නාවූ, මහත් සේ සිනාසෙන්නාවූ, සිනාසෙන්නාවූ ඒ ස්ත්‍රිය දක්නේය. මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද, කිම? ඒ පුරුෂයාට අන් පුරුෂයකු සමග සිටින්නා වූ, කථාකරන්නා වූ, මහත්සේ සිනාසෙන්නාවූ, සිනාසෙන්නාවූ, මේ ස්ත්‍රිය දැක ශොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොහු උපදින්නාහුද?” “ස්වාමීනි, මෙය නොවේමැයි, ඊට හේතු කවරේද? ස්වාමීනි, මේ පුරුෂතෙම වනාහි මේ ස්ත්‍රිය කෙරෙහි පහවූ ඇළුම් ඇත්තේ වෙයි. එහෙයින් අන් පුරුෂයකු සමග සිටින්නාවූ, කථාකරන්නාවූ, මහ සිනාවෙන් සිනාසෙන්නාවූ, ඒ ස්ත්‍රීය දැක ශොක පරිදෙව දුක් දොම්නස් උපායාසයෝ නූපදිත්යයි” කීහ.
|